නිතර අසන ප්‍රශ්න
- පූජනීය ස්ථාන වල සංවර්ධන කටයුතු සහා ආධාර ලබාගන්නේ කෙසේද?
- අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමා මගින් ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය
- ස්වාමීන් වහන්සේ නමකට පිටරට යාම සදහා වීසා නිර්දේශ ලිපිය ලබාගන්නේ කෙසේද?
- මේ සදහා අදාල ඉල්ලුම් පත්‍රය බුද්ධශාසන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගත හැක. ඒ සමග අදාල ලියවිලි සංවර්ධන අංශය වෙත යොමුකරන්න
- වාස වීසා ලබා ගැනීමට නිර්දේශ ලිපි ලබාගන්නේ කෙසේද?
- අදාල ඉල්ලුම් පත්‍රය බුද්ධශාසන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැක. ඒ සමග අදාල ලියවිලි සංවර්ධන අංශය වෙත යොමුකරන්න
- සාමණේර කැපකරු දායක ක්‍රමයට දායක වන්නේ කෙසේද?
- බුද්ධශාසන අරමුදල 011 – 3158872 අමතා විස්තර ලබාගත හැක
- දුෂ්කර විහාරස්ථාන සදහා ආධාර ලබාන්නේ කෙසේද?
- ප්‍රාදේශීය ලේකම්තුමාගේ නිර්දේශ සහිතව බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුවට ඉල්ලීමක් කරන්න
- සාමණේර ආයතන ලියාපදිංචි කරන්නේ කෙසේද?
- ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍රය සමග බුද්ධශාසන අරමුදලට ඉල්ලීමක් කරන්න
- විහාරස්ථානය පූජාභූමියක් ලෙස ලියාපදිංචි කරන්නේ කෙසේද?
- ඒ සදහා පූජාභූමි අමාත්‍යාංශයෙන් 011 – 2307693 අමතා විස්තර ලබා ගත හැක
- දඹදිව චාරිකා අමාත්‍යාංශයේ ලියාපදිංචි වන්නේ කෙසේද?
- බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙත ලියාලදිංචිය සදහා ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කිරීම
- විදේශයන්ගෙන් ගෙන්වන පූජා භාණ්ඩ සදහා තීරුබදු නිදහස් කර ගන්නේ කෙසේද?
- අදාල භාණ්ඩ වල නැව් ගත කළ බිල්පත් අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කිරීම