බුද්ධශාසන ඇමැතිතුමාගේ චීන නිල සංචාරය ඵල දරයි!

මේ දිනවල චීනයේ නිල සංචාරයකට එක්ව සිටින ගරු බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඊයේ (17) චීන රජයේ ආගමික කටයුතු පිළිබද අමාත්‍ය Wang Zuoan මහතා හමුවිය. ඒ චීනයේ බිජිං නුවරදී ය.

මේ සංචාරයේදී මෙරට බෞද්ධ ජනතාවට වාසි රැසක් අත්වන අන්දමේ එකඟතාවන් කිහිපයක් ඇතිකරගෙන තිබේ. මෙහි දී පිළියන්දල ජාත්‍යන්තර බෞද්ධ ආයතනයේ චීන විහාරයක් ඉදිකිරිම සඳහා ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කර ඇති අතර, ඊට කැමැත්ත පලකළ චීන රජය විසින් එහි ඉදිකිරීම් සඳහා සහයෝගය ලබා දීමට ද එකඟතාවය පළකර ඇත. තවද බුදුදහම ප්‍රචාරය කිරීමට මෙන්ම ශ්‍රී ලංකාව සාමකාමී රටක් බවට පත් කිරීම හා ඒ තුළ සහජීවනය ගොඩනැගීමට අවශ්‍ය කටයුතු සිදුකර දීමටද මෙහිදී චීන රජයේ අවදානය යොමුව තිබේ. ශ්‍රී ලංකා දූත පිරිසට මෙහි දී චීන ලිංගුආන් විහාරයේ තැන්පත් කර ඇති ගෞතම සම්බුද්ධ දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදාගැනීමේ අවස්ථාවද උදා වී තිබෙන අතර ඒ අවස්ථාවට ද Wang Zuoan මහතා එක්ව තිබේ.

චීන රජයේ ආගමික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් සහ බෞද්ධ සංගමයේ Wang Li මහතා ද මේ හමුව සඳහා එක් ව ඇති අතර චීනයේ ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති සුමති ධර්මවර්ධන, වයඹ පළාත්සභා මන්ත්‍රී අසංක පෙරේරා, SLCBFA උප සභාපති නිතිඥ සුසන්ත බාලපටබැදි යන මහත්වරු ඇතුළු මෙරට දූත පිරිස මෙන්ම චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා ද සහභාගී වී ඇත.

 china1

 

vesak3

Raharata Charika

vihara-namawaliya

නවතම දර්ශන