ගරු අමාත්‍යතුමාගේ පණිවුඩය

දශක 05 කට අධික මාගේ දේශපාලන ජීවිතයේ ආරම්භය සනිටුහන් වන්නේ මහාසංඝරත්නයේ ආශීර්වාදයත් සමඟයි.

ගම් සභාවෙන් ඇරඹුණු මාගේ දේශපාලන ජීවිතය පළාත් සභාවේ හා පාර්ලිමේන්තුවේ විවිධ තනතුරු දරමින් රටටත්, ජනතාවටත් සේවය කිරීම සඳහා මාගේ උපරිම කැප කිරීම මා සිදු කොට ඇත්තෙමි.

2015 වසරේ නව රජය යටතේ මා හට ලැබුණු පළමු වගකීම වුයේ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය දුරයයි. 2015 මහා මැතිවරණයෙන් පසුව නම් වනජීවී සම්පත රැකගනිමින් කළමනාකරණය කරමින් මේ රටේ ජනතාවගේ ජීවන තත්වය තිරසර ලෙස සංවර්ධනය කිරීම මාගේ මිලග වගකිම විය. ලොව බිහිවුණු විශිෂ්ඨතම හා ප්‍රමුඛතම පරිසරවේදියා ලෙස මා විශ්වාස කරන්නේ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේය. ඒ නිසාම පරිසරය සුරකින අතරම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රි සද්ධර්මය ධර්මය හා උන්වහන්සේගේ මග යන පූජනීය සංඝරත්නය ආරක්ෂා කිරීමේ වගකීමත් මේ වන විට මාහට භාරවී තිබේ.

බුද්ධශාසන අමාත්‍යවරයා ලෙස මම පන්සල සහ ගම එක් කිරීමටත් බෞද්ධ දර්ශනය මත අපේ ජීවිත හැඩගැස්වීමටත්, අපේ දරුවන්ගේ සාරධර්ම හැඩගස්වා ඔපමට්ටම් කොට සමාජයට දායාද කරන දහම් පාසල යාවත්කාලීන කිරීමටත්, මහාසංඝරත්නයට ධර්ම ප්‍රචාරණය හා සමාජ සේවය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමටත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධශාසනය තවත් චිරාත් කාලයක් අප සමාජයේ වැජඹවීමටත් අවශ්‍ය සියලු පියවරයන් ගැනීමට මැලි නොවන බව සියලු ජනතාවට සපත කර සිටිමි. තවද දුෂ්කර පලාත්වල පිහිටි විහාරස්ථානවල පහසුකම් වැඩි දියුණු කිරීම මාගේ කාර්යයන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබන අතර ඒ සඳහා සමස්ථ බෞද්ධ ප්‍රජාවගේ සහයෝගය ලැබෙණු ඇතැයි විශ්වාස කරමි.

සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ලොව පුරා ප්‍රචලිත කිරීමටත්, බුද්ධ දර්ශනය ආරක්ෂා කරන තෝතැන්න බවට ශ්‍රී ලංකාව පත් කිරීමටත් අවශ්‍ය සියලු කටයුතු ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙමි.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දෙසා වදාළ පරිදි “අහසේ සැරිසරන සියොතුන්ට ද, මිහිමත සරණා වන සතුන්ටද, මේ බිම මත කවර තැනෙක වුව දිවි ගෙවීමට හා ඔබමොබ යාමට නුඹට හා සමානම වූ හිමිකමක් ඇත්තේය. සියලු මිනිසුන් එහි උරුමකරුවන් වන අතර නුඹ එහි හුදු භාරකරු පමණි.” යන්න මම තරයේ විශ්වාස කරමි. ඒ අනුව කටයුතු කරමි.

ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා

බුද්ධශාසන, තිරසාර සංවර්ධන හා වනජිවි අමාත්‍ය.

 

vesak3

Raharata Charika

vihara-namawaliya

නවතම දර්ශන