බුද්ධශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පණිවුඩය

බුද්ධ දේශනාව වූ කලී දෙව් , මිනිස් ප්‍රජාවගේ දෙළොව යහපත පිණිස දේශනා කළ දහමකි.ගෞතම බුදු රජාණන් වහන්සේ තෙවරක් වැඩම කළ ශ්‍රී ලංකාද්වීපය මෙම විශ්වීය දහම මැනැවින් ස්ථාපිත ව පවත්නා ථෙරවාද ධර්මයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබීම මහත් අභිමානයට කරුණකි.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2560 ක් ගතවන මෙම මොහොතේ දී ථෙරවාද ධර්මය ආරක්ෂා කරමින් ශාසනික යුග මෙහෙවරක යෙදීමට හැකිවීම සැබැවින් ම අස්වැසිල්ලට කරුණකි. එමෙන් ම බොදු සමාජ, සංස්කෘතික වටපිටාවක් තුළ වෙසෙමින් සමස්ත ලෝකයට ම උසස්සමාජයීය ගුණාංග පිළිබඳ ආදර්ශ සැපයීමට සමත්වීම ශ්‍රී ලාංකේය අප ලද ඉමහත් භාග්‍යයකි.

රටේ උත්තරීතර නීතිය වූ ආණුඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද ප්‍රමුඛත්වය පිරිණමා ඇති ගෞරවණීය විෂය ක්ෂෙත්‍රයක් ආවරණය කෙරෙන කැබිනට් අමාත්‍යාංශය වන බුද්ධශාසන අමාත්‍යාංශයේ නිළ වෙබ් අඩවිය මෙළෙස ආමන්ත්‍රණය කිරීමට හැකිවීම පිළිබඳව ඉමහත් සතුටට පත්වන අතර, රාජ්‍ය අපේක්ෂාවන් මල්ඵල ගන්වමින් මහත් වූ ශාසනික හා සාමාජයීය මෙහෙවරක් ඉටුකිරීමේ කාර්යයයේ දී ප්‍රධාන හා කැපී පෙනෙනභූමිකාවක් ඉටු කිරීමට මෙම වෙබ් අඩවියට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරමි.

තෙරුවන් සරණයි !

නීතිඥ එච්.ආර්.සාරතී දුෂ්මන්ත

බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය

 

vesak3

Raharata Charika

vihara-namawaliya

නවතම දර්ශන