ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව ගෞරවණීය මහා සංඝරත්නය හා අන්‍ය පූජක ප්‍රසාදීන් වහන්සේලා මත්ද්‍රව්‍ය නිවාරණය සබැදිව විද්‍යාත්මක හා නිවැරදි දැනුමෙන් පෝෂණය කිරීම හා එමගින් සාරධර්ම පිරි සමාජයක් ගොඩනැගීම සඳහා උන්වහන්සේලාගේ මග පෙන්වීම වඩා ඵලදායී අයුරින් යොදවා ගැනීමේ වැඩ පිළිවෙල සම්බන්ධව, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන්වහන්සේ දැනුවත් කිරීම හා අනුශාසන ලබා ගැනීම පසුගියදා (2021.02.05) පස්වරුවේ අගරදගුරු නිල නිවසේ දී සිදුකෙරින.

එම අවස්ථාව සඳහා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ උපදේශක ශාස්ත්‍රපති පූජ්‍ය දෙනගම ධම්මාරාම ස්වාමීන්වහන්සේ, අමාත්‍යංශ අතිරේක ලේකම් (සංවර්ධන) ජේ.සී රණේපුර මහතා,ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී දේශබන්දු නලින් අමරසිංහ මහතා සහභාගී විය.

කතෝලික පියතුමන්ලාගේ උපරිම සහයෝගය ඒ සඳහා ලබාදෙන බවත් ඉදිරියේදී සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි පියතුමන්ලා පුහුණු වැඩමුළු සඳහා සහභාගී කරවා ඒ මගින් මත්ද්‍රව්‍ය නිවාරණ පණිවුඩය නිවැරදි අයුරින් සමාජ ගත කොට මත්ද්‍රව්‍ය වලින් නිදහස් රටක් නිර්මාණය කිරීම සඳහා සහය ලබා දෙන බවත් අගරදගුරු හිමිපාණන් වහන්සේ මෙහිදී සඳහන් කලහ.

Latest Video